27.2 C
Colombo
Friday, August 22, 2025

විපක්ෂ නායක්ගෙන් තවත් බසයක් පාසලකට…

Published:

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 44වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000) බස් රථයක් මහරගම මධ්‍ය මහා විද්‍යාලයට අද (19) පරිත්‍යාග කරනු ලැබීය.

නව ලොවක් කරා යන ගමනට නව අධ්‍යාපන විප්ලවයක් අවැසි බවත් එහි දී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ ඩිජිටල් අධ්‍යාපනයට බවත් කෝවිඩ් 19 සමයේ අප රටේ දූ දරුවන් අභියෝග රාශියකට මුහුණ දුන්නත් අප වැනි ම ආදායම් සහිත ලෝකයේ වෙනත් රටවල් යුනිස්කෝ ආදී සංවිධානවලින් ආධාර උපකාර ලබාගෙන ඩිජිටල් අධ්‍යාපනය සංවර්ධනය කිරීමට පියවර ගත් නමුත් අප රට ඩිජිටල් විප්ලවයට අවැසි මූලික තත්ත්ව හෝ ඇති කිරීමට උත්සාහ නොගෙන නිද්‍රාශීලීව සිටි බවත් එය ඉතා පසුගාමී තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

පරිගණක සහ තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට අවැසි සම්පත්වල හිඟයක් අද වන විට රජයට අයත් සෑම පාසලක ම දක්නට ලැබෙන බවත් අප රටේ පාසල් සිසුන්ගෙන් සියයට 40කට පමණක් පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇති බවත් එය ඉතාමත් ඛේදනීය තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම විදුහලට බස් රථයක් ලබා දෙන අවස්ථාව සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීමේ දී පවා ඇතැම් පුද්ගලයන් එය නිර්දය ලෙස විවේචනය කරන බවත් මෙවැනි පසුගාමී, මන්දගාමී නොදියුණු ලිංමැඩි මානසිකත්වයකින් මේ රටේ මිනිසුන් සිතන තුරු ඕනෑම අයකුට ඕනැම දෙයක් කිවහැකි නමුත් ඒවා මහ පොළොවේ යථාර්ථයක් නොවන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

තොරතුරු තාක්ෂණය දියුණු කිරීමට යුද්ධයකින් විනාශ වූ වියට්නාමය සහ රුවන්ඩාව දැඩි උත්සාහයක නිරත වී සිටින බවත් රුවන්ඩාවට සහ වියට්නාමයට එවැනි හැකියාවක් පවතී නම් අපට බැරි හේතුව කුමක් ද? ප්‍රශ්න කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img