සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබාදුන් දසලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙත සිය ආචාරය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
වර්තමාන ජනතා විමුක්ති පෙරමුණු රජය මාස හයක් වැනි කෙටි කාලයක් තුල අති විශාල පරිහානියකට, කඩා වැටීමකට ලක් වී ඇති බවයි මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර සිටියේ.
විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් කටයුතු කළ යුතු බවට රටේ ජනතාව පණිවිඩයක් ලබා දී ඇති බවද විපක්ෂ නායකවරයා පැවසීය.
ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතුවිය යුතුයි යන්න ජනමතය බවත්, ඒ අභියෝගාත්මක වගකීම් ඉෂ්ට කරන්නට හා ඊට නායකත්වය ලබාදෙන්නට තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියේය.