30.6 C
Colombo
Monday, July 7, 2025

විනිසුරු වැටුපෙන් බදු අය කර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්…

Published:

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් “උපයන විට ගෙවීමේ බද්ද” අඩු කරගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ හා මහේස්ත්‍රාත් වරුන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය විසින් විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ධ අඩු කර ගැනීම වළක්වාලමින් ඊයේ (25) තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සඳහන් කර තිබෙන්නේ ඇතැම් විනිසුරුවරුන්ගෙන් දැනටමත් මෙම බද්ද වැටුපෙන් අඩු කර ගැනීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව මීට අදාළව කරුණු දැක්වීම සඳහා තමන්ට අවස්ථාව ලබා දෙන ලෙසත් නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව පෙත්සම ලබන 09 වන දා කැඳවීමට නියමිතව තිබෙනවා.

මෙම පෙත්සම් බල වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අඩු කර ගැනීම සුදුසු නොවන බවත් එය ව්‍යවස්ථාපිත නීතියට පටහැනි බවයි.

ඒ අනුව එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img