27.8 C
Colombo
Monday, August 25, 2025

විදේශ සේවා උප සභාපති තනතුරක් නෑ – විගණකාධිපති…

Published:

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2019 සහ 2020 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව කෝප් කමිටුව විසින් විමර්ශනයක් සිදුකර තිබේ.

එහිදී විගණකාධිපතිවරයා විසින් සිය වාර්තාවේ පෙන්වා දී තිබූ මූලික කරුණු 21 ක් පිළිබඳව කෝප් කමිටුවේ දි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවද වාර්තා වෙයි.

කාර්යාංශ පනත යාවත්කාලීන කිරීම සඳහා කඩිනමින් කටයුතු කර ඒ පිළිබඳ මූලික වාර්තාවක් මාසයක කාලසීමාවක් තුළ ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව එහිදී නියෝග කර තිබේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතට අනුව උප සභාපති තනතුරක් නොතිබිය යුතු බව විගණකාධිපතිවරයා විසින් පෙන්වාදී ඇති බැවින් අමාත්‍යවරයා විසින් සිදුකර ඇති අදාළ පත්වීම නීත්‍යානුකූල නොවන බවට ඔහුට දැනුම්දෙන ලෙසටද කෝප් කමිටුව උපදෙස් ලබාදී තිබේ.

ඊට අමතරව විදේශගත ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් ලබාදීමේදී සිදුව ඇතැයි කියන දෝෂ සහගත තත්ත්වයන් සහ අක්‍රමිකතා පිළිබඳවැඩ විශේෂ වාර්තාවක් විගණකාධිපතිවරයා වෙතින් කැදවීමට එහිදී නිර්දේශ වු බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,398FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img