27.8 C
Colombo
Tuesday, August 26, 2025

විදේශ රැකියා නියෝජිත ආයතන 13ක බලපත්‍ර අවලංගුයි…

Published:

වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර තිබෙනවා

විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවා ගැනීම හා යොමුකිරීම සඳහා කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් තිබීම අනිවාර්ය වනවා

එමෙන්ම බලපත්‍රයක් ලබාගැනීමේදී 1985 අංක 21 දරණ කාර්යාංශ පනත හා 1994 අංක 4 හා 2009 අංක 56 දරණ සංශෝධිත පනත් ප්‍රකාරව, විදේශ රැකියා සඳහා යොමුකළ තැනැත්තන්ගේ ගිවිසුම්ගත සේවා කාල සීමාව තුළදී ඔවුන් පිළිබඳව සොයාබැලීමත්, සේවා ස්ථානයේ යම් ගැටළුකාරී තත්ත්වයක් පැවතියේ නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය සහනයන් සැලසීමත් එම ආයතනය සතු වගකීමක් බවයි පැවසෙන්නේ

සේවා ගිවිසුමේ කොන්දේසි කඩනොවන පරිදි රැකියා අවස්ථා සලසා දීම එකී තැනැත්තන් විදේශ ගතකිරීමට මැදිහත් වූ රැකියා නියෝජිතායතනයේ තවත් වගකීමක් වනවා

සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියා ලාභීන් වෙතින් කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව, විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් නොවූ රැකියා නියෝජිතායතනයන්, කාර්යාංශය සමග ඇති කර ගන්නා ලද ගිවිසුම් කඩ කිරීමක්ද සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ

ඒ අනුව එයට අදාළව අවශ්‍ය නිතිමය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගෙන තිබෙනවා

අධිකරණයෙන් වරදකරුවන්වීම හා අධිකරණය මගහැරීමට අදාල ආයතනයන්හි හිමිකරුවන් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට ලබාදී තිබූ කාර්යාංශ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img