රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලිබිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ IMF උවමනාව අනුව ඉදිරියේ දී විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අසා සිටි පැනයකට පිළීතුරු ලබාදෙමින්.
පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් ලබන මාසයේ මුල් සතිය වනවිට මේ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් පළ කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.