27.8 C
Colombo
Wednesday, August 27, 2025

විදුලි බිල්පත්: “අපිට කරන්ට් වැදුණා” – හිඟ බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක්…

Published:

විදුලි බිල්පත්: “අපිට කරන්ට් වැදුණා” – හිඟ බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක්…

මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ බිල්පතට හෝ ඉන් පසුව ලද අවම බිල්පතට අනුව ගෙවීමට ජනතාවට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ද හිමිවේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ බිල්පත් ගෙවීම සඳහා ලබා දෙන සහන කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇති බවය.

කොරෝනා තත්ත්වය හමුවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුළ විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබිණි.

ඒ කාලය සඳහා බිල් සැකසීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බවට ද විවිධ පාර්ශව වෙතින් චෝදනා එල්ල විය.

2020 මාර්තු, අප්‍රේල් සහ මාර්තු මාසවල විදුලි බිල්පත්වල සඳහන් මිල ගණන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ එල්ලවූ චෝදනා හා විවේචන සැළකිල්ලට ගෙන, ජනතාවට සහන ලබා දීම සඳහා රජය මෙම තීරණය ගත් බව විදුලිබල හා බලශක්ති සහ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේය.

ජනතාවට මෙම සහනය ලබා දීම සඳහා රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 3000ක් ලබා දීමට ද එකඟ වී ඇත.

මාර්තු, අප්‍රේල් සහ මාර්තු මාසවල බිල්පත් මේ වන විට ගෙවා ඇතිනම් ඊට අදාළ මුදල් ලබා ගැනීම හෝ ඉදිරි බිල්පත් වලින් එම මුදල් පුර්ණය කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේය.

සහන දෙන්න කමිටුවක්

විදුලි බිල්පත් ගැටලු සහ රටේ පවතින තත්ත්වයන් සැළකිල්ලට ගෙන ජනතාවට සහනයක් ලබා දීම සම්බන්ධයෙන් මීට පෙර පැවති කැබිනට් රැස්වීමේදී සකච්ඡා වී තිබිණි.

ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජූලි 08 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය..

”ඒ කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ හා අදහස් දෙන්න කිවුවා. ඒක මේ සතියේ කැබිනට් එකට යන්න තිබුණා” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

‘පාරිභෝගිකයාට විදුලි සැර වැදීම’

2020 පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල ලැබුණු බිල්වල ඉහළ අගයක් සදහන්වීම ගැන කළුතර පදිංචි නන්දනී විජේතුංග බීබීසී සිංහල සේවයට මෙලෙස කියා සිටියාය.

”අපේ ගෙදර සාමාන්‍යයෙන් මාසෙට ලයිට් බිල රුපියල් 1200.00ක් වගේ. අප්‍රේල් සහ මැයි වලට මණ්ඩලයේ අය හිතල ඇස්ටිමේට් ගණන් දාලා. අප්‍රේල්වලට ඇස්ටිමේට් එක රුපියල් 2816.10යි. මැයි මාසෙටත් අපිට ඒ ගානම දාලා එවලා. අපි තවම ඒවා ගෙවුවේ නෑ.” යනුවෙන් ඇය පැවසුවාය.

මසකට සාමාන්‍යයෙන් රුපියල් තුන් දහසකට ආසන්න විදුලි බිලක් ලැබෙන බව කියන කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ඩෙෂිනි පුර්නිකා ද බීබීසී සිංහල සේවයට මෙලෙස ප්‍රකාශ කළා ය.

”කොරෝනා කාලේ ආපු ලයිට් බිල් දැක්කහම අපිට කරන්ට් එක වැදුණා. ඇඳිරි නීතියෙන් පස්සේ ආපු බිල් රුපියල් 6500 පැනලා. ලයිට් කපයි කියලා බයට එක බිලක් නම් ගෙවුවා.” යනුවෙන් ඇය කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img