24.5 C
Colombo
Thursday, November 27, 2025

විදුලි පාරිභෝගිකයන්ට ලැබෙන සුභ ආරංචිය…

Published:

නඩත්තු කටයුතු හේතුවෙන් නතර කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (23) ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු නිහාල් වීරරත්න මහතා සඳහන් කළේ, මේ වන විට එම ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් බවය.

ඒ අනුව එම ජනන යන්ත්‍රයෙන් උත්පාදනය කෙරෙන මෙගාවොට් 270ක විදුලි ධාරිතාව පියවරෙන් පියවර ජාතික පද්ධතියට එක්වීම සිදුවනු ඇත.

දෙවන ජනන යන්ත්‍රය පද්ධතියට සම්බන්ධ කිරීමෙන් අනතුරුව නොරොච්චෝල බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා නතර කිරීමට සැලසුම් කර ඇති බව ද ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img