31.7 C
Colombo
Sunday, July 6, 2025

විදුලි ගාස්තු 18.3%කින් ඉහළ දැමීමට අවශ්‍ය බව මණ්ඩලය පවසයි

Published:

විදුලි ගාස්තු සියයට 18.3 කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබේ.

ඊයේ මීට අදාළ උපදේශන පත්‍රිකාව තම කොමිසම වෙත ලැබුණු බවයි එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සදහන් කළේ.

ඒ අනුව ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි කිරීම සිදු කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය යොජනා කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂවරයා සදහන් කළේ, විදුලි බල මණ්ඩල යෝජනාව සමාලෝචනය කර මේ සම්බන්ධයෙන් එළැඹෙන 20 වනදා වන විට මහජන අදහස් විමසීම සිදු කරන බවයි.

ඒ අනුව ඉදිරිපත් වන කරුණු මත ජුනි මස මුලදී මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව ද ඔහු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img