27.8 C
Colombo
Tuesday, August 26, 2025

විදුලි ගාස්තු නැවත වැඩිවෙයි…

Published:

විදුලි බිල නැවත වැඩි කිරීම සඳහා පසුගිය සතියේ දී කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25 දා) පැවසීය. එම අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ දැවි තෙල්, ඉන්ධන සහ ගල්අඟුරු මිල ගණන් ඉහළ යෑම මත මෙලෙස අකැමැත්තෙන් හෝ නැවත මිල වැඩි කිරීමකට යෑමට සිදුවන බවත් ඒ මහතා කීය.

2013 වසරේ සිට වසරින් වසර හෝ මාස හයෙන් හයට සිදු කළ යුතු විදුලි බිල වැඩි කිරීම නොකළ බැවින් පසුගිය අගෝස්තු මාසයේ විශාල වශයෙන් විදුලි බිල වැඩි කිරීමට සිදු වූ බව ද ඇමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, පසුගිය අගෝස්තු මස එසේ බිල වැඩි කළ ද විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි ප්‍රමාණයෙන් වැඩි නො කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණය හේතුවෙන් නැවත බිල වැඩි කිරීමකට යෑමට සිදු වන බව හෙතෙම කීය. කවුරු ජනාධිපති වුව ද, ඇමැති වුව ද කුමන ආණ්ඩුවක් පත් වුව ද විදුලි බිල නැවත වරක් සංශෝධනය නොකොට ඉදිරියට යෑමට නොහැකි බව ද කී ඇමැතිවරයා පැය 24 පුරාම විදුලිය සැපයීමට නම් නැවත බිල වැඩි කිරීමට සිදු වන බව කියා සිටියේය.

එලෙස පැය 24 පුරාම විදුලිය සැපයීමට නම් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 423ක් ලබන වසරේ දී අවශ්‍ය වන අතර, එම මුදල සොයා ගැනීමට බිල වැඩි කිරීමට සිදුවන බවය.

සෑම වසරකම ජනවාරි හෝ ජූලි යන මාසවල දී විදුලි ජනන ඒකකයට වැය වන මිල ගණන් සලකා බිල සංශෝධනයකට යෑමට කටයුතු කරන්නේ නම් යෝග්‍ය බව ද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img