27.8 C
Colombo
Sunday, July 6, 2025

විදුලිය බිඳ වැටීම: නොරොච්චෝල යථා තත්ත්වයට……..

Published:

මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විදුලි ඉල්ලුමේ පැහැදිලි වර්ධනයක් සිදුව ඇති නමුත් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම ජනවාරි – අප්‍රේල් මාසවලදී විදුලි ඉල්ලුම ඉහල යාමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය දෙදින තුළ යම් යම් ප්‍රදේශවල විදුලි සැපයුම අඩපණ විය.

ඒ හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු සඳහා දැඩි බාධා එල්ල වූ අතර විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ ද විශාල වශයෙන් කෝපය පළවෙමින් තිබිණ.

නමුත් මේ වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර තිබෙන බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

“ලංකා විදුලිබල මණ්ඩලය විසින් කාලසටහනක් අනුව සිදුකරනු ලබන විදුලි කප්පාදුවක් පිළිබඳව මේ දිනවල විවිධ සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්තීන් ජනතාව අතරට යමින් පවතිනවා. නමුත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ, එවැනි කිසිදු විදුලිය සිඳලීමේ නිවේදනයක් අමාත්‍යාංශය මගින් නිකුත්කර නැහැ,” යනුවෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසීය.

ශ්‍රී ලංකා විදුලි බල සැපයුම

මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් පහල බැස ඇති බව ඔහු කියා සිටියේ බදාදා (මාර්තු 20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසන පරිදි ජලාශ තුළ පවතින ජල මට්ටම්:

  • කාසල්රි – 9%
  • මාඋස්සාකැලේ – 26.4%
  • කොල්මලේ – 34.1%
  • වික්ටෝරියා – 37.3%
  • රන්දෙනිගල – 87.8%
  • සමනලවැව – 18.5%

ලක්විජය ගල් අඟුරු බලාගාරය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට සැලකියයුතු දායකත්වයක් ලබාදීමට සමත් බලාගාරයක් මේ දක්වා ඉදිකර නොමැති බව පවසන සුලක්ෂණ ජයවර්ධන, ඉදිකිරීමට යෝජිත සහ වැඩ ආරම්භ කළ බලාගාර පවා යම් යම් හේතූන් මත ඉදිකිරීම් ප්‍රමාද වී ඇති බවත් සඳහන් කරයි.

කෙසේ නමුත් පවතින වාතාවරණය හමුවේ විදුලි පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදුකරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,203FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img