27.8 C
Colombo
Tuesday, August 26, 2025

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්…

Published:

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහවගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලී කෞර් මහත්මිය සහ මෙරට එම ආයතනයේ නියෝජිතයින් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

ඊයේ (08) පැවැති අදාළ සාකච්ඡාවේදී විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

ඊට අමතරව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් විදුලි ජනන පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ බව විදුලිබල හා බලශතක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,416FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img