21.7 C
Colombo
Tuesday, January 20, 2026

වෑන් රථයක් බස්නැවතුමට කඩා වදී…

Published:

කුරුණෑගල – නාරම්මල මාර්ගයේ බැදිගමවු හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ති‌බේ.

ඊයේ (20) දහවල් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

නාරම්මල දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ තිබූ බෝක්කුවක ගැටී මාර්ගයේ ඉදිරියට ඇදීගොස් අසල බස්නැවතුම්පොළේ රැඳී සිටි කාන්තාවන් තිදෙනෙකුගේ ගැටී ඇත.

අනතුරින් කාන්තාවන් තිදෙනා බරපතළ තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු මිගොස් ඇත.

පසුව එක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, වයස අවුරුදු 56, 59 හා 61ක් වූ බැදිගමුව, නාරම්මල ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.

කාන්තාවන් දෙදෙනෙකුගේ මෘත ශරීර ඥාතීන් වෙත භාරදී ඇති අතර අනෙක් කාන්තාවගේ මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැකිලිමත් රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img