31.7 C
Colombo
Sunday, July 6, 2025

වැසි වැටෙනා තුරු විදුලිය කප්පාදු කරනවා …….

Published:

ජල විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවලට නැවත වැසි ලැබෙන තුරු විටින් විට විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති සෞම්‍ය කුමාරවඩු පැවසුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලිබල අමාත්‍යාංශය වෙත ඉකුත් 18 වනදා ලිඛිතව දැනුම් දී ඇති බවයි. එම ලිපිය මගින් විදුලිය කපා හරින කාලසටහනද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවද ඔහු කියාසිටියා.

ජනතාවට නොදන්වා විදුලිය කපා හැරීම සාධාරණ නොවන බවත් ඒ පිළිබද ජනතාව දැනුවත් කිරීම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සතු වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

සැලසුම් කළ පරිදි ජනන බලාගාර ඉදි නොකිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img