27.8 C
Colombo
Thursday, August 21, 2025

වැලිගම නගර සභාව මගින් ඉවත් කරනු ලබන ගලි බවුසර් නිසා පාරිසරික හානි රැසක්…

Published:

පළාත් පාලන ආයතන මගින් සිදුකරන සේවාවන් අතර ගලි බවුසරය ක්‍රියාත්මක වේ එහිදී වැලිගම නගර සභාවට අයත් ගලි බවුසරය මගින් ඉවත් කරනු ලබන අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයක් ඔස්සේ බැහැර කිරීම වෙනුවට වැලිගම නගර සභාවට අයත් මුදුගමුව ආදාහනාගාරයේ සොහොන් කොත් අසල දමා යෑමෙන් දැඩි දුගදක් මෙන්ම පරිසර හානි රැසක් ඇතිවී ඇතැයි ජනතාව පවසයි.

මෙහිදී යම් මෘත ශරීරයක් ආදාහනය කිරීමට හෝ මිහිදන් කිරීමට මෙම ස්ථානයට පැමිණී පිරිස ද දැඩි අපහසුතාවයට පත්වන අතර එපමනක් නොව ගෙනැවිත් දමන මලපහ වර්ෂාපතනය සමග පහත් බිම් ප්‍රදේශ වන අසල කුඹුරු යායට ගලා යාමෙන් එම කුඹුරුවල ගොවිතැන් කටයුතු සිදුකිරීමට ද නොහැකි තත්ත්වයක් ඇතිවී ඇතැයිද ජනතාව පෙන්වා දෙති , කෙසේ මීට පෙර අවස්ථා ගණනාවකදී මෙම ස්ථානයට මලපහ අපද්‍රව්‍ය ගෙනැවිත් දැමීම ජනතා විරෝධය මැද්දේ නතර කර තිබූ අතර නැවතත් එම ක්‍රියාදාමය සිදුවෙමින් පවතින බව ජනතාව කියයි .

මේ පිළිබඳව වැලිගම නාගරික මන්ත්‍රී ටි.ඩබ්ලිව් ශානක රජිව අදහස් දැකිවීය.

පොරොන්දු රාශියක් දීලා පළාත් පාලන ආයතනයේ බලය ගත්තට නිසි කළමනාකරණයක් ඇති කරන්න නොහැකි වීම නිසා එක ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න බැරිව තවත් ප්‍රශ්න රාශියක් ඇති කරපු පළාත් පාලන ආයතනයක් තමයි වැලිගම නගර සභාව කෙසේ වෙතත් මෙවැනි ආකාරයෙන් පරිසරයට හානිදායක ලෙස ජනතාවට පීඩාකාරී ලෙස අත්තනෝමතිකව කටයුතු කරන්න ඉඩ දෙන්න බෑ ඒ වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img