27.2 C
Colombo
Monday, July 7, 2025

වාහන ආනයනය සඳහා පැවති තවත් සීමා කිහිපයක් ඉවත් කරයි

Published:

වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් ය.

ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇත.

මේ යටතේ Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ දැන් නිෂ්කාශනය කරගැනීමේ හැකියාව පවතින අතර මෙම තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහන ද නිෂ්කාශනය කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙන බවයි  ශ්‍රී  ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

මේ අතර ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබේ.

ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img