28.4 C
Colombo
Thursday, August 21, 2025

ව්‍යාජ ලිපියක් ගැන මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Published:

“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ව්‍යාජ ලිපිය සම්බන්ධව තවදුරටත් මහජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka” නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බව ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට තවදුරටත් දන්වා සිටී.

ඉහත “විශ්වාස කිරීම (CONVICTION)” නම් ඉංග්‍රීසි ලිපිය උපයෝගී කරගෙන මුදල් ඉල්ලමින් මහජනතාව නොමඟ යවා අපහසුතාවයට පත් කරන බවද මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය දැනුම්දෙයි.

ඒ අනුව, එම ලිපිය කෙරෙහි විශ්වාසය තබා කිසිදු ආකාරයක මුදල් යොමු කිරීමක් සිදු නොකළ යුතු අතර මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img