28.4 C
Colombo
Sunday, July 6, 2025

වසර 118කට පසුව නවසීලන්ත රග්බි කණ්ඩායමක් දිවයිනට

Published:

ශ්‍රී ලංකාව සමග තරග දෙකකින් සමන්විත රග්බි තරගාවලියට සහභාගි වන නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

 

නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙයයි.

 

එමෙන්ම නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ 1907 වසරෙන් පසුවවීමත් විශේෂත්වයකි.

 

වසර 118 පසු වන මෙම ඓතිහාසික තරග සංචාරයේ පළමු රග්බි තරගය මැයි මස 4 වැනිදා මහනුවර නිත්‍තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි සහ අවසන් රග්බි තරගය මැයි මස 10 වැනිදා පැවැත්වෙන්නේ කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img