28.4 C
Colombo
Tuesday, July 8, 2025

වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී දිස්වෙයි…

Published:

වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී දිස්වෙයි…

මේ වසරේ පළමු චන්ද්‍රගහණය අද(10) රාත්‍රියේ දිස්වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකය පවසයි.

මෙම ග්‍රහණය  ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර ලංකාවේ සම්මත වේලාවෙන අද  රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළුවීමත් සමඟම ග්‍රහණය ආරම්භ වෙයි.

ග්‍රහණය අවසන් වනුයේ 11 දින අළුයම  2.42 ට ය.

උච්චතම ග්‍රහණ අවස්ථාව  සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 ට බව ද මහාචාර්යවරයා පවසයි.

ඡායා චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පුර්ණඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව) තුළින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී  ඡායා චන්ද්‍රග්‍රහණය අපට පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින්  වැසී නොපෙනෙන බවද චන්දන ජයරත්න මහතා පෙන්වා දෙයි.

නමුත් සඳෙහි දීප්තිය තරමක් අඩු නොවන බවත් එම නිසා ඡායා චන්ද්‍රග්‍රහණ පියෙවි ඇසින් දැක හඳුනා ගැනීම තරමක් දුෂ්කර බවත් ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාවේ වැඩි කොටසක්, නැගෙනහිර දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් වැනි රටවලට ද දිස්වෙයි.

මෙම වසරේ ග්‍රහණ හයක් ඇති අතර ඒ  සූර්යග්‍රහණ 4 ක්, වළයාකාර  සූර්යග්‍රහණ 01 ක් සහ පූර්ණ සූර්යග්‍රහණ 01 ක් වශයෙනි.

ග්‍රහණ 6න්, 2020 ජුනි 21 වන දින ඇතිවන වළයාකාර සූර්යග්‍රහණය පමණක් ශ්‍රී ලංකාවාසීන් හට පැහැදිලව දැක බලා  ගත හැකි අතර  අපට අර්ධ සුර්යග්‍රහණය දිස්වනුයේ ජුනි 21  පෙරවරු 10.29 සිට ප.ව 1.19 දක්වා බව මහාචාර්ය ජයරත්න මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,215FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img