30.6 C
Colombo
Sunday, July 6, 2025

වසංගත තත්ත්වයකට සූදානම් වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්…

Published:

වසංගත තත්ත්වයකට සූදානම් වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්…

වසංගත තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝකය සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය මේ බව පැවසුවේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවීම පිළිබඳ  අවධානය යොමු කරමින්. එය වසංගත තත්ත්වයක් ලෙස වර්ධනය විය හැකි බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවන්නේ.

කොරෝනා වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තවමත් කල්වේලා වැඩිවුවත් ඊට සූදානම් වීම වැදගත් බව ද එම සංවිධානය ප්‍රකාශ කළා. කිසියම් බෝවන රෝග තත්ත්වයක් ඉතාපහසුවෙන් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ලොව පුරා සීග්‍රයෙන් පැතිරයමින් තිබේනම් එම තත්ත්වය වසංගත තත්ත්වයක් ලෙස සලකනු ලබනවා.

කෙසේවෙතත් කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව චෝදනා රැසක් එල්ල කළා.  ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ එය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට දැනට පවතින තත්ත්වය ප්‍රමාණවත් බවයි.

චීනයෙන් ආරම්භ වුණු නව කොරෝනා වෛරසය මේවනවිට රටවල් 36 ක් පුරා පැතිර තිබෙනවා. චීනය ද ඇතුළුව එම රටවල් වල සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,154 ක්. ඉන් ආසාදිතයින් 77,659 දෙනෙකුම වාර්තා වන්නේ චීනයෙන්.

චීනයට අමතරව මේවනවිට කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යමින් ඇත්තේ දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලයි. මේවනවිට දකුණු කොරියාවෙන් ආසාධිතයින් 893 දෙනෙකු වාර්තා වන අතර වෛරසය ආසාධනයවීමෙන් එරට පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉතාලියෙන් ආසාදිතයින් 231 දෙනෙකු වාර්තා වන අතර මියගොස් ඇති පුද්ගලයින් ගණන 7 ක්. නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ඉරාන වැසියන් 12 දෙනෙකු මියගොස් ඇති අතර එරටින් වාර්තා වන ආසාදිතයින් ගණන 61 ක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img