29.5 C
Colombo
Tuesday, August 26, 2025

වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු CID භාරයට…

Published:

වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (05) පස්වරුවේ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි මට්ටක්කුලිය කජිමාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

එම සැකකරු විසින් වකුගඩු මුදලට විකිණීමේ ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර වකුගඩු ලබාදෙන පුද්ගලයින් සම්බන්ධීකරණය කර ඇත්තේ මොහු බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මොහොමඩ් බසීර් මොහොමඩ් රාජබ්දීන් නැමැත් එම සැකකරු ඇඳුම් වෙළෙඳාම් කරන පුද්ගලයෙකු ලෙස කටයුතු කර තිබේ.

සැකකරු අද (06) දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත්පුද්ගල විමර්ශන කමිටුවක් පත්කර තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හා ලැබුණු තොරතුරු ඔස්සේ මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු සිදුකර එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නා තෙක් අදාළ පෞද්ගලික රෝහලේ අවයව බද්ධ කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට ද තීරණය කළ බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,425FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img