28.4 C
Colombo
Monday, July 7, 2025

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ස්වයං නිරෝධායනයට : කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බවට හෙළිවෙයි…

Published:

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ස්වයං නිරෝධායනයට : කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බවට හෙළිවෙයි…

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රීතයෙක් ලෙස තමන්ද හඳුනා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන Tedros Adhanom Ghebreyesus ප්‍රකාශ කර සිටිනවා. කෙසේ වුවත් තමන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

” කොවිඩ් වෛරසය අසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් ලෙස මාව හඳුනා ගෙන තිබෙනවා. මට කිසිදු රෝග ලක්ෂණයක් නැහැ, ඒ වගේම මම යහපත් සෞඛ්‍ය මට්ටමක සිටිනවා. රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මාලාවන්ට අනුව මම ස්වයං නිරෝධායනයට යොමු වන අතරම ඉදිරි දින කිහිපය නිවසේ සිට රාජකාරී කිරීමට කටයුතු කරනවා යැයි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img