27.2 C
Colombo
Friday, August 22, 2025

ලෝක ශූරයෝ ගෙදර එයි…

Published:

2022 පාපන්දු ලෝක කුසලායේ ශූරතාව දිනා ගත් ආර්ජන්ටිනා කණ්ඩායම කටාර් දේශයේ සිට යළි සිය මව්ටර බලා අද (20) අලුයම පැමිණියා.

යළි මව්බිමට පැමිණි ලෝක ශූරයින් පිළිගැනීමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවරට එක්රොක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නායක ලියනල් මෙසී ප්‍රථමයෙන් ගුවන් යානයෙන් බැස රන් කුසලානය ඉහළට ඔසවා සිය මව්බිම ලැබූ මෙම අතිවිශිෂ්ඨ ජයග්‍රහණය ආර්ජන්ටිනානු වැසියන් වෙත පුදකරන්නට අමතක කළේ නැහැ.

මෙහිදී ලියනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර, සිය මව්බිම ලැබූ මේ සුවිශේෂී ජයග්‍රහණය සමඟ එරට වැසියන් විවිධ සැමරුම් සංවිධානය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

මේ අතර, පාපන්දු ලෝක ශූරයින් වෙනුවෙන් හෙට ජාතික නිවාඩු දිනයෙක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනාගත් ක්‍රෝඒෂියානු කණ්ඩායමත් යළි සිය මව්බිමට පැමිණි අතර, එහිදි ඔවුන්ව පිළිගන්නට විශේෂ සැමරූම් උත්සවයක් සංවිධාන කර තිබුණා.

36 වසරකට පසු ආර්ජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානයක් දිනා දීමට පුරෝගාමියා වූ ලියනල් මෙසී, බී.බී.සී. පුවත් සේවය මඟින් වසරේ විශිෂ්ඨතම ක්‍රීඩා පෞරුෂය හිමි ක්‍රීඩකයා ලෙස නම් කිරීම ද විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img