27.2 C
Colombo
Monday, July 7, 2025

ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි… දුම්වැටි නිසා දිනකදී මෙරට 55ක් මියයන බවට අනාවරණයක්…

Published:

දුම්වැටි නිසා දිනකදී මෙරට 55ක් මියයන බවට අනාවරණයක්…

ලෝක දුම්වැටි විරෝධී දිනය අදට (31) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව ‘‘දුම්කොළ කර්මාන්තය විසින් කරනු ලබන පොළඹවා ගැනීම් සහ දුම්කොළ හා නිකොටින් භාවිතයෙන් තරුණ පරපුර ආරක්ෂා කර ගනිමු’’ යන්නයි.

දුම්වැටි භාවිතය ලෝකයේ සිදුවන පුද්ගල මරණ සඳහා ප‍්‍රධාන හේතුවක් බවයි සැලකෙන්නේ. දුම්වැටි සහ දුම්කොල ආශි‍්‍රත රෝග හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 55 දෙනෙකුට පමණ මෙරටදී මියයන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි කියා සිටියේ “ලෝකය පුරා මිලියන 08ක් පමණ ජනතාව වසරකට දුම්කොළ දුම්වැටි ආශ්‍රිත රෝග නිසා මිය යනවා. ලංකාවේ තත්ත්වය ගත්තොත් අපි අනුමාන කරනවා 20,000කට ආසන්න පමණ පිරිසක් දුම්කොළ දුම්වැටි ආශ්‍රිත රෝග නිසා මිය යනවා කියලා. මේක දිනයකට බැලුවොත් එක දවසකට 55ක්. දුම්පානය කරපු අයෙගෙන් සමීක්ෂණය කළවිට හඳුනගෙන තියෙනවා 80% දෙනා පළමු දුම්වැටිය භාවිතා කරලා තියෙන්නේ අවුරුදු 18ට අඩු වයසෙන් කියලා. තරුණ වයසෙදි දුම්කොළ දුම්වැටි සඳහා යොමු වුණාම ඇබ්බැහි වීම් තත්ත්වයට යන්න තිබෙන අවස්ථාවත් වැඩියි.” යනුවෙනි.

මෙරට කාන්තාවන් අතර දුම්වැටි සහ දුම්කොල භාවිතය අඩු ප‍්‍රතිශතයක් ගනු ලැබුව ද, පිරිමි පුද්ගලයින් අතර එම ප‍්‍රතිශතය සියයට 29 ක් පමණ වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ වනවිට ලොව පුරා ව්‍යාප්තවෙමින් ඇති කොරෝනා වසංගත තත්ත්වයට ද දුම්වැටි භාවිතය ප‍්‍රධාන හේතුවක් වී ඇති බවයි ලෝක සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img