28.4 C
Colombo
Monday, July 7, 2025

ලොව ධනවත්ම පුද්ගලයා බවට එලෝන් මස්ක් පත්වෙයි…

Published:

ලොව ධනවත්ම පුද්ගලයා බවට එලෝන් මස්ක් පත්වෙයි…

ටෙස්ලා ඉන්කොපරෙටඩ් සහ ස්පෙක්ස් එක්ස් ආයතනයේ හිමිකරු වන එලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ශ්‍රේණිගත කිරීමක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය මත www.amazon.com හි නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ඉදිරියෙන් සිටියත් එලෝන් මස්ක්ට හිමි විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කොටස් මිල අද ඉදිනයේදී 4.8% කින් ඉහළ යාමත් සමගම ඔහු ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වුවා.

දකුණු අප්‍රිකාවේ උපන් ඉංජිනේරුවරයාගේ ශුද්ධ වටිනාකම නිව් යෝර්ක්හි වේලාවෙන් උදෑසන 10: 15 වන විට ඩොලර් බිලියන 188.5 ක් වූවා. 2017 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ලොව ධනවත්ම පුද්ගලයාට හිමි ස්ථානය හිමි කර ගෙන සිටි ජෙෆ් බෙසෝස් ගේ සමස්ත ආදායමට වඩා එලෝන් මස්ක් ගේ සමස්ත ආදායම ඩොලර් බිලියන 1.5 කින් ඒ වන විට ඉහළ ගොස් තිබූණා.

මෙම සන්ධිස්ථානය සඳහා එලෝන් මස්ක් පැමිණියේ ගතවූ මාස 12 ක කාලය තුලදී ඔහු අසාමාන්‍ය ලෙස ඉදිරියට පැමිණීමත් සමගයි. පසුගිය වසර තුළ ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 150 කට වඩා වැඩි වූයේ ඉතිහාසයේ වේගවත්ම ධනය ඉපැයූ පුද්ගලයා බවට පත් වෙමිනි.

ඔහුගේ මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් උත්තේජනය සැපයුයේ ටෙස්ලා සමාගමයි. එම සමාගමේ කොටස් මිල පෙර නොවූ විරූ අයුරින් පසුගිය වසරේදී 743% කින් ඉහළ ගොස් ස්ථාවර ලාභ ලැබීමත් සමගයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img