27.8 C
Colombo
Wednesday, August 27, 2025

ලොව උසස්ම තාක්ෂණය සහිත මානව ශිෂ්ඨාචාරය බිහි වුයේ ශ්‍රී ලංකාවෙන් – විද්‍යාත්මක පර්යේෂණයකින් හෙළිවේ…

Published:

ලොව උසස්ම තාක්ෂණය සහිත මානව ශිෂ්ඨාචාරය බිහි වුයේ ශ්‍රී ලංකාවෙන් – විද්‍යාත්මක පර්යේෂණයකින් හෙළිවේ…

අප‍්‍රිකාවෙන් පිටතදී ආදී මානවයා දුනු-ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය ශී‍්‍ර ලංකාවෙන් හමුවී තිබෙනවා.

පුරාවිද්‍යා ගවේෂණයකින් අනාවරණය වී ඇත්තේ වසර 48,000කට පෙර ශ‍්‍රී ලංකාවේ ආදි මානවයා සත්ත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බවයි.

ජාත්‍යන්තර මාධ්‍ය රැුසක් අද මේ පිළිබද තොරතුරු වාර්තා කර තිබුණේ ජාත්‍යන්තර සහ මෙරට පර්යේෂකයින් කණ්ඩායමක් විසින් පාහියංගල ලෙන ආශ‍්‍රිතව සිදුකළ පර්යේෂණයක් ගෙන හැර දක්වමින්.

ලෙනෙහි තිබී සොයාගත් අස්ථි කොටස් ඇතුළු ද්‍රව්‍ය විශ්ලේෂණයේදී හෙළිවී ඇත්තේ ආදි මානවයා සත්ත්ව ඇට කටුවලින් මෙවලම් සකස් කර වඳුරන් සහ ලේනුන් වැනි ඉතා වේගයෙන් ගමන් කරන සතුන් දඩයම් කර ඇති බවයි.

මීට වසර 48,000කට පමණ පෙර ශ‍්‍රී ලංකාවේ මුල් වැසියන් සත්ත්ව අස්ථි උපයෝගි කරගනිමින් මෙවලම් සකස් කර දඩයම් සිදුකර ඇති බව අදාළ පර්යේෂකයින් කණ්ඩායම සොයා ගෙන තිබෙනවා.

මීට වසර 20 000කට පෙර යුරෝපයේ දුනු හා ඊතල තාක්ෂණය පිළිබද සාක්ෂි අභිබවා යාමක් ලෙස මෙම සොයා ගැනීම සැලකෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එමෙන්ම අපි‍්‍රකානු යුගයට පෙරද ආදි මානවයින් දුනු ඊතල භාවිත කළ බවට ඇති ප‍්‍රබලතම සාධකය මෙය බවද පරීක්‍ෂණ කණ්ඩායම පවසනවා.

මෙම විශිෂ්ඨ සොයාගැනීමට සම්බන්ධ වූ පර්යේෂණ කණ්ාඩයමේ සාමාජිකයෙකු සම්බන්ධ කර ගැනීමට නෙත් නිවුස් වෙත හැකි වුණා.
එහිදී මූලිකත්වය ගෙන කටයුතු කළ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබද කථිකාචාර්යවරයෙකු වන ඔෂාන් වෙදගේ.

දකුණු ආසියාවේ හෝමෝ සේපියන්වරුන්ගේ පැරණිතම පොසිල හමු වූ ස්ථානය ද ලෙස පාහියංගල ලෙන් ගුහාව සැලකෙනවා. එහි තිබී ඉකුත් වසරේ දී වඳුරන්ගෙන් සහ ලේනුන්ගේ ද අස්ථි කොටස් සොයා ගැණුනා.

එය සැලකෙන්නේ ආදිමානවයින් ගේ දඬයම් කිරීම සම්බන්ධයෙන් වන පළමු සාක්ෂිය ලෙසයි. මෙම ප‍්‍රදේශයේ මිනිස් වාසය සිදුව ඇත්තේ අදියර 04 කදී බවට සොයා ගෙන ඇති අතර එය වසර 4000 සිට 48,000 ක් තරම් ඈතට දිවයනවා.

පර්යේෂණයේ නියැලෙන ඔස්ටේ‍්‍රලියාවේ පුරාවිද්‍යාව පිලිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය මිෂෙල් ලැන්ග්ලි පැවසුවේ ශී‍්‍ර ලංකාවෙන් සොයා ගත් සත්ව අස්ථි කොටස් වල ඇති සලකුණු අනුව දුනු සහ ඊතල භාවිතයෙන් දඬයම් කිරීමේදී ඇතිවන බිඳීම්, එම අස්ථිවලද දක්නට ලැබෙන බවයි.

ශී‍්‍ර ලංකාවෙන් හමුවූ අස්ථි මිට වසර 32,000ක අතීතයක් හිමි අග්නිදිග ආසියාවේ අස්ථි කොටස් වලට වඩා අතීතයකට උරුමකම් කියන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ශී‍්‍ර ලංකාවේ නාමය ලොව හමුවේ තැබූ මෙම විශිෂ්ඨ පුරාවිද්‍යා සොයා ගැනීම සහ ඉන් ශී‍්‍ර ලංකාවට ලැබෙන වාසි පිළිබද සවිස්තර වාර්තාවක් හෙට උදෑසන 6.25 නෙත් නිවුස් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,434FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img