25 C
Colombo
Thursday, August 21, 2025

ලෙබනනයේ හිස්බුල්ලා මිසයිල ගබඩාවකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්

Published:

ඊශ්‍රායලය ඊයේ බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.

 

ඒ ඉරාන සහාය ලබන හිස්බුල්ලා කණ්ඩායමක් විසින් භාවිතා කරන බව කියන ගොඩනැගිල්ලකින් ඉවත් වන ලෙස නියෝග කිරීමෙන් පසුවයි.

 

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම අවසන් කරමින් මාස පහකට පෙර ක්‍රියාත්මක වූ සටන් විරාමය නොතකා මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

 

හිස්බුල්ලා සංවිධානයේ මිසයිල ගබඩාවක් ඉලක්ක කරගෙන ප්‍රහාරය ඒල්ල කළ බව ඊශ්‍රායලය පැවසීය.

 

ලෙබනන් ජනාධිපතිවරයා ප්‍රහාරය හෙළා දුටු අතර නොවැම්බර් මාසයේ සටන් විරාමයට මැදිහත් වූ එක්සත් ජනපදය සහ ප්‍රංශයෙන් ඉල්ලා සිටියේ ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස බලපෑම් කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img