27.8 C
Colombo
Thursday, August 28, 2025

ලුනු හිඟයක් ඇතිවෙන බවට පළවන කතාවේ ඇත්ත නැත්ත…

Published:

ලුනු හිඟයක් ඇතිවෙන බවට පළවන කතාවේ ඇත්ත නැත්ත…

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වීමේ බලපෑමක් මත මෙරට ලුනු නිෂ්පාදනයට කිසිම බාධාවක් නොවන බවත්, රටේ ලුනු හිඟයක් කිසි විටක ඇති නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බව හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ ප්‍රකාශ කර සිටිනවා.

රටේ ලුනු නිෂ්පාදනයට මෙය බලපෑමක් එල්ල වන බවට සමාජය මත විවිධ මත ප්‍රචාරය වීමත් සමඟම පාරිභෝගිකයින් වෙළඳ සැල් වලින් ලුනු ලබා ගැනීමේ තරගයක් ඇතිවී තිබෙන බවට වාර්තා පලවන අතර, අනවශ්‍ය ලෙස ලුනු එක් රැස් කිරීම සිදු වීමෙන් ලුනු මිල පවා ඉහල යෑම සිදු‍වන බව පාරිභෝගිකයෝ පවසනවා.

මුහුදු ජලයට කවර දෑ එකතු වුවත් ලුනු නිෂ්පාදනයට එය බාධා නොවන බව පැවසූ ලංකා ලුනු සමාගමේ සභාපතිවරයා, ලුණු නිෂ්පාදනයට අවශ්‍ය වන්නේ සෝඩියම් ක්ලෝරයිට් පමනක් බවත් සෙසු සියළුම රසායනික සංඝටක වාෂ්පිකරණයේ දී ඉවත්වී යන බවට ප්‍රකාශ කර සිටියා.

“නැව ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික ද්‍රව්‍යයක් මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදයේ දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරණයෙන් එම සියළුම අනවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ඉවත් කරනවා. ඉතිරි වන සෝඩ්යම් ක්ලෝරයිඩ් පමනක් මගින් ලුනු නිෂ්පාදනයට යොදා ගන්නවා. එවිට මිනිස් පරිභෝජනයට නුසුදුසු කිසිවක් එහි අන්තර් ගතවන්නේ නැහැ. දැනට වුවත් මුහුදු ජලයේ විවිධ රසායනික ද්‍රව්‍ය රැසක් තිබෙනවා. මෙම නැව මගින් පමනක් නොව වෙනත් මාර්ග වලින් පවා මුහුදු ජලයට විවිධ දෑ එකතු වෙනවා. ඒ සියල්ලම නිස්සාරනය කිරීමට වාෂ්පී කරනයෙන් හැකියාව තිබෙනවා. දැනට අවශ්‍ය ලුනු තොග ඇති නිසා කිසිදු හිඟයක් ඇතිවන්නේ නැහැ” යැයි ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img