28.4 C
Colombo
Monday, July 7, 2025

ලිට්‍රෝ මෑන්පවර් විරෝධතාවය ගැන සමාගමෙන් නිවේදනයක්

Published:

ලිට්‍රෝ ගෑස් කෙරවළපිටිය පිරවුම් සංකීර්ණයේ මෑන්පවර් සේවක කණ්ඩායමක් අතර අද (14) ඇතිවූ සේවක ඉල්ලීම් සම්බන්ධ නොසන්සුන්තාව මේ වනවිට සමථයකට පත්ව තිබේ.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් පිරවීමට හෝ බෙදාහැරීමට කිසිදු ආකාරයේ බලපෑමක් සිදුනොවන බවත්, සේවාවන් සාමාන්‍ය ලෙස සිදුවන බවත් නිවේදනයක් නිකුත්කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම දන්වා සිටියි.

වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවත්, රජය විසින් නියමකළ අවම වැටුප හෝ ලබානොදුන් බවටත් චෝදනා කරමින් 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.

එහිදී ඔවුන් විසින් වැඩිදුරටත් පවසා සිටියේ, රජය විසින් නියමකළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img