27.8 C
Colombo
Wednesday, August 27, 2025

ලබන වසරේ සිට සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට පියවර…

Published:

වයස අවුරුදු 15ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමේ වැඩසටහන ලබන වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කරන බව ,තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා

ඔහු මේ බව සඳහන් කර සිටියේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය වන අද(24) දින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින්

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය හරහා, රජයේ සේවා ගණනාවක් කාර්යක්ෂම වන බවයි.

පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකය ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය මේ හරහා ඩිජිටල්කරණය වනු ඇති .

රුපියල් බිලියන 12ක පමණ මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වැයකරන අතර මේ සඳහා ඉන්දියානු අධාර ලැබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ

එමෙන්ම ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,434FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img