27.2 C
Colombo
Friday, August 22, 2025

ලබන වසරේ ලෝක ආර්ථික අවපාතයක්…

Published:

ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ, අමෙරිකාවේ වොෂිංටන් හිදී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව අමතමින්.

එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ මෙම අවධානම හේතුවෙන් ලෝකයේ රටවල් රැසකට ආර්ථික ගැටලු ඇතිවිය හැකි බවයි. දියුණු රටවල ආර්ථිකයන් මන්දගාමීවීම හා වේගවත් උද්ධමනය, සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑමක් එල්ලකරනු ඇති බවයි ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවන්නේ.

ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් පැවසුවේ ලබන වසරේදී ලොව පුරා ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් හැකිලීමේ සැබෑ අනතුරක් ඇති බවයි. සංවර්ධනය වෙමින් පවතින රටවල ණය බර මට්ටම වැඩිවීමද මේ ඔස්සේ සිදුවිය හැකි බව ඔහු පෙන්වාදී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජියේවා පවසා ඇත්තේ ලෝකයේ ශක්තමත් ආර්ථියන් හිමි රටවලට ද මෙම ආර්ථික අවපාතයේ බලපෑම දැනෙනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගණනය කිරීම් අනුව මේ වසරේ ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් සංකෝචනයවීමේ වැඩි අවධානමක් පවතිනවා. එමෙන්ම ලබන වසරේ අඛණ්ඩව කාර්තු දෙකක ආර්ථික වර්ධනය අඩුවීමේ හැකියාවක් පවතින බව ඔවුන්ගේ පුරෝකථනයයි.

ඒ අනුව 2026 වන විට ලෝක නිෂ්පාදන ආර්්ථිකයට ඩොලර් ට්‍රිලියන 04 ක් අහිමිවනු ඇති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්තවලට අනුව මධ්‍යම සහ අඩු ආදායම්ලාභී රටවල ගෙවුම් ශේෂය අමෙරිකානු ඩොලර් බිලියන 09 ක හිඟයක් ඇතිවනු ඇති බවටයි වැඩිදුරටත් පුරෝකථනය කර ඇත්තේ.

පවතින තත්ත්වයන්ට මුහුණදීමේ සැලසුම් ප්‍රමාණවත් නොවන්නේ නම් ලෝකයම අර්බුදයක් අභියස සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජියේවා පවසා තිබෙනවා. මේ හේතුවෙන් නැගී එන ආර්ථිකයන් හා සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර කිරීමට ලෝකයේ ශක්තිමත් ආර්ථිකයන් ඇති රටවල් කටයුතු කළ යුතු බවයි ඇය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img