29.5 C
Colombo
Sunday, July 6, 2025

ලංකා කම්කරු කොංග්‍රසය කුකුළා ලකුණින් මෙවර පුංචි ඡන්දයට…

Published:

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයින් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොන්ග්‍රසයේ ලාංජනය වන කුකුළා ලකුණ යටතේ තරග කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් පවසනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ පළාත් පාලන ආයතනවලට තරග කරන අපෙක්ෂකයන් සමඟ ඊයේ (05) පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම එකඟතාවයට පැමිණි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කුකුළා ලාංඡනයෙන් දිගු කාලයක් මැතිවරණවලට ඉදිරිපත් නොවූ බවත්, පළාත් පාලන මැතිවරණයේ දී කුකුළා ලකුණින් තරග කිරීමෙන් තම පක්ෂයේ වත්මන් තත්ත්වය තහවුරු කරගත හැකි බවත් ජ්‍යෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් සඳහන් කර සිටියා.

එමෙන්ම කුකුළා ලාංඡනයෙන් තරග කිරිම තුළින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තරග කරන අනෙකුත් ප්‍රධාන පක්ෂවලට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබීමේ අවස්ථාව නොලැබී යන බවත් ඔහු සඳහන් කළා.

කනපති කනගරාජ් වැඩිදුරටත් කියා සිටියේ රටේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධාන ගත වී මැතිවරණයට ඉදිරිපත් විම තුළින් තම පක්ෂයට අවාසියක් ද සිදුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img