28.4 C
Colombo
Sunday, July 6, 2025

ලංකාවේ 22 වන කොරෝනා ආසාදිතයා හමුවෙයි…

Published:

ලංකාවේ 22 වන කොරෝනා ආසාදිතයා හමුවෙයි…

22 වන කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මොහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වෙයි.

13 හැවිරිදි ගැහැණු ළමයෙකු ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අද දහවල් හඳුනා ගැණුනි.

50 හැවිරිදි සහ 37 වන වියෙහි පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඔවුන් තිදෙනා අතර වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 22ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර ෆේස්බුක් ඔස්සේ කොවිඩ් -19 පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයින් දෙදෙනෙකු රාගම සහ බණ්ඩාරගම ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img