27.2 C
Colombo
Wednesday, August 27, 2025

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 237ක් දක්වා ඉහළට…

Published:

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 237ක් දක්වා ඉහළට…

අද(15) දිනයේ තවත් කොරෝනා වෛරසය ආසාදනය පුද්ගලයින් දෙදෙනෙක් වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් තවත් දෙදෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ ගණන 63 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ(14) පස්වරුවේ අලුතින් 14 දෙනකු සහ අද දිනයේ රෝගීන් සිව් දෙනෙකු හඳුනාගැනීමත් සමඟ ලංකාවේ කොරෝනා ආසාදිතයින් ‍ගණන මෙලෙස වැඩි වී තිබේ.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථානවලින්.

08 දෙනෙකු යාපනය පළාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් , 04 දෙනෙක් කිලිනොච්චිය මුංකොවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් , එක් අයකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථායෙන් හා අනෙක් පුද්ගලයා වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයකින් හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img