28.4 C
Colombo
Sunday, July 6, 2025

ලංකාවේ කොරෝනා අසාධිත පුද්ගලයින් සංඛ්‍යාව 05ක් දක්වා ඉහලට…

Published:

ලංකාවේ කොරෝනා අසාධිත පුද්ගලයින් සංඛ්‍යාව 05ක් දක්වා ඉහලට…

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් තිදෙනෙක් මේ වන විට අලුතින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. ඒ සමගම මේ වන විට ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව 05ක් වනවා.

මෙම රෝගීන් ගෙන් එක් පුද්ගලයෙක් 41 ක් හැවිරිදි වියේ පසුවන අතර ඔහු ජර්මනියේ සංචාරය කර පැමිණි අයෙක් වනවා. මේ වන විට ඔහු මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

අනෙක් රෝගීන් දෙදෙනා ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් 37 හා 43 වන වියේ පසුවන පිරිමි පුද්ගලයින් වනවා.

මෙම දෙදෙනා මේ වන විට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදී රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇත.

මින් 37 හැවිරිදි පුද්ගලයා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පුද්ගලයා IDH රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණි පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේදී ඔවුන් ඊට දැඩි සේ විරෝධය පලකළ අය වීමද විශේෂත්වයක් වනවා.

මේ අයුරින් ඔවුන් නිරෝධායනය කිරිමට ලක් නොකලා නම් ඔවුන්ගෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img