28.4 C
Colombo
Sunday, July 6, 2025

ලංකාවට ළඟදීම 5G…

Published:

ලංකාවට ළඟදීම 5G…

ශ්‍රී ලංකාවට ඉතා ඉක්මනින් 5G තාක්ෂණය හඳුන්වා දෙන බව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. මේ වන විට මෙරට ජංගම දුරකථන සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ භාවිත වන 4G තාක්ෂණය ඉක්මවා යමින් වඩාත් වේගවත් සහ කාර්යක්ෂම විදුලි සන්දේශ ක්‍රියාවලියක් හඳුන්වාදීම එහි අරමුණ වී ඇත.

5G තාක්ෂණය හඳුන්වාදීම සඳහා මෙරට ප්‍රධාන දුරකථන සමාගම් සමග මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවද කොමිෂන් සභාව පවසයි.

ලොව සන්නිවේදන ජාල වඩාත් පුළුල් කරමින් 5G තාක්ෂණය ලොවට හඳුන්වා දෙනු ලැබුවේ 2018 වර්ෂයේදීය. 2025 වර්ෂය වන විට ලොව ජංගම දත්ත ගමනාගමනයේ පරිමාව සිව් ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම ඒ වන විට 5G ජාලයන් විසින් එම දත්ත ගමනාගමනයෙන් 45%ක් මෙහෙයවීමට නියමිත බව පැවැසේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, ජර්මනිය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල් ගණනාවක් මේ වන විට 5G තාක්ෂණය භාවිත කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img