25.6 C
Colombo
Thursday, August 28, 2025

ලංකාවට ආසන්නයේ පවතින පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි…

Published:

ලංකාවට ආසන්නයේ පවතින පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි…

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර් 370ක් දුරින් මුහුදු ප්‍රදේශයේ ස්ථානගතවී පවතී.

ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ නැගනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40-50 අතර සුළං ඇති විය හැක. නැගෙනහිර, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලි මිටර් 150 ට වැඩි ඉතා තද වැසි හැකි අතර උතුරු මැද සහ වයඹ පළාත්වලත් මඩකළපුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50-100 පමණ තරමක් තද වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,455FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img