29.5 C
Colombo
Sunday, July 6, 2025

Published:

රුසියාවට එල්ලවීමට ගිය ප්‍රහාරයක් ඇමෙරිකාවේ සහයෙන් වැළකේ…

රුසියාව තුළ සිදුවීමට ගිය “ත්‍රස්තවාදී ක්‍රියාවක්” මැඩලීමට ඇමෙරිකාව සැපයු බුද්ධි තොරතුරු උපකාරීවීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති වල්දිමීර් පූතින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ස්තුතිය පළ කර තිබේ.

ඒ බව දැක්වෙන්නේ රුසියානු ජනාධිපති කාර්යාලය වන ක්‍රෙම්ලිනය නිකුත් කළ නිවේදනයක ය.

ජනාධිපතිවරුන් දෙපළ ඉරිදා ( දෙසැම්බර් 29) දුරකථනය ඔස්සේ කතා කළ බව ඉන් කියැවිණි.

අදාළ තොරතුර බුද්ධි සේවා හරහා පැමිණියද ඒ පිළිබඳ වැඩි යමක් ක්‍රෙම්ලිනය විසින් සඳහන් නොකරන ලදී.

රුසියානු මාධ්‍ය වාර්තා කළේ අලුත් අවුරුදු සමය තුළ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් අනාවරණය කරගැනීමට හැකිවී ඇති බවකි.

රුසියානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය පැවසු අතර රුසියානු බුද්ධි ඒජන්සිය වන එෆ්එස්බී (FSB) හි ප්‍රකාශකයෙකුට අනුව ජන ඒකරාශියකට පහර දීමේ සැලසුමක් ව්‍යවර්ථ කිරීමට හැකිවී ඇත.

ජනාධිපති ට්‍රම්ප් බලයට පැමිණි තැන සිට විවිධ අවස්ථාවලදී රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ.

එම සංවාදවල වාර්තාවලින් කියවෙන පරිදි නායක දෙපළ සිරියාව මෙන්ම න්‍යෂ්ටික ගිවිසුම්, උතුරු කොරියාව හා වෙළෙඳාම ගැන බොහෝවිට සාකච්ඡා කර තිබේ.

2017 දෙසැම්බරයේද ජනාධිපති පූතින්, ජනාධිපති ට්‍රම්ප් හට ස්තුතිය පළ කළ බව ධවල මන්දිරය කළ ප්‍රකාශයක සඳහන් විය. එවර ද, ඇමෙරිකානු බුද්ධි සේවාවල අනතුරු ඇඟවීම නිසා ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ ප්‍රහාරයක් වළකා ගැනීමට හැකිවීම ඊට හේතුවූ බව කියැවිණි.

ඇමෙරිකාව දුන් සහයට ප්‍රතිචාර ලෙස එරටට එරෙහි ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන් ද තොරතුරු සැපයීමට දුරකථන සංවාදය තුළදී ජනාධිපති පූතින් පොරොන්දු වූ බව ක්‍රෙම්ලිනය පැවසීය.

2014 දී රුසියාව විසින් සිය අසල්වැසි යුක්රේනයට අයත්ව තිබු ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳාගනු ලැබීමත් සමග වොෂිංටන් හා මොස්කව් පාලනතන්ත්‍ර අතර සබඳතා බිඳවැටිණි. සබඳතා තවත් උණුසුම් අතට හැරුණේ 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයට ක්‍රෙම්ලිනයේ මැදිහත්වීමක් වූ බවට ඇමෙරිකානු බුද්ධි සේවා නිගමනය කිරීමත් සමගය.

මෙවැනි තත්ත්වයක් මැද වුවත්, පූතින් හා ට්‍රම්ප් ජනාධිපතිවරුන් සුහද ලීලාවකින් සිටිනු පෙනේ. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සහයෝගීතාවක් පවත්වාගැනීමට ඔවුහු සපථ කර සිටිති.

රුසියානු නායකයාගෙන් ලද ආරාධනයකින් අනතුරුව, ලබන මැයි මාසයේදී මොස්කව් නුවර පැවැත්වීමට නියමිත විජයග්‍රහණයේ දින සැමරුමට සහභාගිවීමට තමන් කල්පනා කරමින් සිටින බව ජනාධිපති ට්‍රම්ප් හඟවා තිබේ.

දෙරටම ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ තර්ජනයට ලක්ව සිටිති.

2015 දී ඊජිප්තුවෙන් ගුවන්ගතව සුළු වෙලාවක් ඉක්මවූ රුසියානු මගී ගුවන් යානයක් බිම හෙලීමේ වගකීම අයි එස් සංවිධානය විසින් භාරගනු ලැබීය. එම ප්‍රහාරයේදී මිය ගිය ගණන 224 කි.

රුසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් පුළුල්ව විහිදුනු කණ්ඩායමකට සම්බන්ධදැයි මෙතෙක් හෙළිවී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img