29.5 C
Colombo
Monday, July 7, 2025

රියදුරු බලපතට අදාල වෛද්‍ය සහතික රජයේ රෝහල් වලින් නිකුත් කිරීමට යයි…

Published:

රියදුරු බලපතට අදාල වෛද්‍ය සහතික රජයේ රෝහල් වලින් නිකුත් කිරීමට යයි…

රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලදී නිකුත් කිරීමට අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් දා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ජනතාව මුහුණදෙන ගැටළු රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු අතර ඊට විසදුමක් ලෙස මෙම වැඩපිළිවෙල කි‍්‍රයාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම නෙත් නිවුස් වෙත කියාසිටියේ.

රියදුරු බලපත‍්‍ර ලබගැනීමේදී ජනතාව මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහන ද මීට පෙර කරුණු අනාවරණයක් සිදුකළා. වෛද්‍ය සහතික නිකුත් කිරීමේදී සිදුවන ඇතැම් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ද මෙහිදී අනාවරණ කෙරුණා. එම සිද්ධීන් අනාවරණ කිරීමෙන් පසුවයි ජනාධිපතිවරයා ද මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණේ.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ ජනතාව මුහුණ දෙන ගැටලූවලට සතියක් තුළ විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සදහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස්කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව SMS මාර්ගයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img