24 C
Colombo
Thursday, October 16, 2025

රිපබ්ලිකන් පක්ෂය පෙරමුණට…

Published:

2022 අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයේ පෙරමුණ ගැනීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහෙයවන රිපබ්ලිකන් පක්ෂය සමත්ව ඇත.

ඒ අනුව විචාරකයින් පුරෝකතනය කරන්නේ කොන්ග්‍රසයේ වැඩි බලය රිපබ්ලිකන් පක්ෂයට හිමිවනු ඇති බවය.

අමෙරිකාවේ 118 වැනි මධ්‍ය වාර මැතිවරණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතියි.

ඒ අමෙරිකානු කොන්ග්‍රසයේ, නියෝජිත මන්ත්‍රී මණ්ඩල ආසන 435ක් සහ සෙ‍නෙට් සභාවේ මන්ත්‍රීවරුන් සිය දෙනාගෙන් 35දෙනෙකු තෝරාපත් කරගැනීම සඳහාය.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 198 ක් රිපබ්ලිකන් පක්ෂය ට හිමිවී ඇති අතර ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නායකත්වයෙන් යුතු පාලක ඩිමොක්‍රටික් පක්ෂය දිනා ඇත්තේ ආසන 173 ක් පමණි.

එහි බලය දිනාගැනීම සඳහා එක් පක්ෂයක් ලබාගත යුතු ආසන ගණන 218 කි.

එමෙන්ම සෙනෙට් සභාවේ ආසන 100 න් 48 ක් ඩිමොක්‍රටික් පක්ෂය වෙත හිමි වෙද්දී, ආසන 47 ක් හිමිව ඇත්තේ වත්මන් විපක්ෂය වන රිබ්ලිකන් පක්ෂයටය.

වත්මන් අමෙරිකානු කොන්ග්‍රසය තුළ ඩිමොක්‍රටික් පක්ෂයට සුළු බහුතරයක් හිමිව ඇති නමුත් එහි බලය තමන් සතු කරගැනීමට විපක්ෂයට අවශ්‍යව ඇත්තේ සීමිත ආසන ගණනක් දිනාගැනීම පමණය.

අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයේ දී පාලක පක්ෂය පරාජයට පත්වුවහොත් රට තුළ වඩාත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවස්ථාව පවතියි.

ඒ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන යෝජනා කොන්ග්‍රසය හමුවේ ප්‍රතික්ෂේප වීම හේතුවෙනි.

අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයේ ලැබෙන ප්‍රතිඵලයට බොහෝ සෙයින් සමාන ප්‍රතිඵලයක් ඉන්පසුව පැවැත්වෙන ජනාධිපතිවරණවලදී ලැබෙන බව ඉතිහාසය සාක්ෂි දරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,271FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img