27 C
Colombo
Saturday, October 11, 2025

රිදෙන විට පවා ඔබ අතහරින්නට නොසිතමි…..

Published:

රිදෙන විට පවා ඔබ අතහරින්නට මා මෙතරම්ම අකමැති , එතරම්ම ඔබට ප්රේම කරන්නට හේතුව ඔබ කිසිදා අසා නැත.

එහෙත් වෙන්වෙන්නට ඔබට හේතු දහසක් සොයාගත හැකි නමුත්, ඔබට සිත් බැඳෙන්නට මට ඇත්තේ නොවෙනස් එකම හේතුවක් පමණී.

එය මම කිසිදා නොපවසමි. ඔබ ද නොඅසනු ඇත. එහෙත් මම කවදාක හෝ පවසමි. ඒත් ඒ, ඔබ මගේ වූවොත් පමණි.

එදින ඔබ මට අලුතින් ප්රේම කරනු ඇත…… ඒ ප්රේමයේ, මා යළිත් උපදිනු ඇත.

ඔබ සොයන්නේ ප්රේමය නම් ඔබට මා හමු විය යුතු ය. ඔබ සොයන්නේ ප්රේමය නොවේ නම් හෙටත් අප හමු නොවනු ඇත.

එහෙත්, මා සෙවූයේ ඔබ බැවින්…… මට ප්රේමය හමුවූ බව පමණක් පවසමි. ඒ ප්රේමය දුරින් හිඳ බලද්දී මෙතරම්ම සොඳුරු නම් ඔබට ළං ළංව ඔබව විඳගත් දැකගත් සිපගත් දිනක…. ඒ චමත්කාරය කෙබඳුදැයි මම මවා නොගනිමි. ඒ මිහිර, අනිත්ය අනාගතයට පවරා නිශ්චිත වර්තමානයේ මම ඔබ, දුරින් හිඳ හදවතින් වැළඳගමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img