27.2 C
Colombo
Thursday, July 17, 2025

රාජ්‍ය සේවකයින්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කර තිබේ…

Published:

රාජ්‍ය සේවකයින් පැමිණීම සහ පිටවීම සඳහන් කිරීමේ දී ක්‍රියාත්මක වූ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අද (15) සිට අනිවාර්ය කර තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එන්. රංජිත් අසෝක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 12 වනදා නිකුත් කර තිබුණි.

කොවිඩ් වසංගත තත්ත්වය සමග පසුගිය වසර කිහිපයේ දී මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, ඒ හරහා ඇතැම් සේවකයින් වාසි ලබාගත් බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇතැම් සේවකයින් සිය ආයතන සඳහා උදෑසන 10ට පමණ පැමිණ පැමිණීමේ සහ පිටවීමේ ලොග් පොතෙහි පැමිණි වේලාව ලෙස සඳහන් කර ඇත්තේ උදෑසන 8 බව ද වාර්තා වේ.

එලෙස සඳහන් කර ඇති බොහෝ සේවකයින් අතිකාල දීමනා ලබාගෙන ඇති අතර, මෙම තත්ත්වය වැඩි වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දක්නට ලැබෙන බවත් වාර්තා වේ.

ඒ අනුව මින් ඉදිරියට එවැන්නක් සිදුනොවීමට අද සිට සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img