27.8 C
Colombo
Thursday, August 21, 2025

රාජ්‍ය සේවකයින්ට අලුත් අවුරුද්දට බෝනස්…

Published:

 

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දීමට අදාළව චක්‍රලේඛ 2ක් නිකුත් කර තිබෙනවා. ඉන් එක් චක්‍රලේඛයක් නිකුත් කර ඇත්තේ රාජ්‍ය සේවකයින් ඉතිරි කරගත් නිවාඩු මත දීමනා ගෙවීමට අදාළවයි.

ඒ අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම් වල සේවකයින් සඳහා මෙම දීමනා ගෙවීම සිදුවනු ඇතියි.

මෙලෙස ප්‍රසාද දීමනා හිමි වන්නේ 2021 වර්ෂය තුළ ලාභ උපයා ඇති රාජ්‍ය ආයතන වල සේවකයින් සඳහා පමණයි. කෙසේ වෙතත් එම ප්‍රසාද දීමනා රුපියල් 25,000ක උපරිම සීමාවකට යටත්ව සිදු කළ යුතු බවටද දන්වා තිබෙනවා.

එහෙත් 2021 වර්ෂය තුළ ලාභ නොලැබූ රාජ්‍ය ආයතන වෙත ප්‍රසාද දීමනා නොලැබෙන බවයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයෙහි දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img