30.6 C
Colombo
Sunday, September 7, 2025

රාජ්‍ය වියදම් සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ…

Published:

රාජ්‍ය වියදම් සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ…

රාජ්‍ය වියදම් පාලනය කිරීමට අදාලව පාලනය කිරීමට අදාලව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකි වන පරිදි දැඩිව පාලනය කිරීමට සිදුව ඇති බව දන්වමින්.

ඒ අනුව, ඉන්ධන හා සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලි වියදම් සීමා කිරීම, ගොඩනැඟිලි ඉදිකිරීම හා කුලියට ගැනීම නැවැත්වීම ඒ අතරින් ප්‍රධානයි. එමෙන්ම දේශීය අරමුදල් මගින් සිදු කරන විදේශ අධ්‍යාපන චාරිකා හා පුහුණුවීම් නැවැත්වීම, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව අමාත්‍යාංශ හෝ ආයතන මට්ටමින් සිදු කරන විවිධ දීමනා ගෙවීම් අත්හිටුවන ලෙසද අදාල චක්‍රලේඛ්‍ය මගින් දන්වා සිටිනවා.

විවිධ සුබ සාධන, සහනාධාර හා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් නව බැදීම් ඇති කර නොගැනීම යන සීමාවන් තවදුරටත් සියලුම රාජ්‍ය ආයතන විසින් දැඩිව අනුගමනය කළ යුතුයි. සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර තිබුනද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සදහ බඳවා ගැනීම කල් තැබීම මෙන්ම අත්තිකාරම් ගිණුම් යටතේ මාණ්ඩලික නිලධාරීන් වෙත ණය පහසුකම් ලබාදීම මේ වසර අවසන් වන තෙක් අත්හිටුවිය යුතු වනවා.

වියදම් දැරීමේදී හා දේශීය අරමුදල් භාවිතයෙන් සිදු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වියදම් පාලනය කළ යුතු ක්‍රමවේද 17ක්ද අදාල චක්‍රලේඛයට ඇතුලත්.

භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන දන්වා ඇත්තේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරියේදී තීරණය ගන්නා තෙක් අඛණ්ඩව විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු බවයි.

මේ අතර රාජ්‍ය වියදම් පාලනයට අදාළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඉන් පරිභාහිර රාජ්‍ය වියදම් සඳහා ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැදී සිටින බවයි.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යාවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද දින ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.

ඒ අනුව, අදාල චක්‍රලේඛ විධිවිධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත්, එයට පරිභාහිරව සිදු කරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින් හා රාජ්‍ය  සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානින්  පෞද්ගලිකව වගකීමට බැඳි සිටිය යුතු බවත් ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,514FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img