30 C
Colombo
Tuesday, September 9, 2025

රාජ්‍ය බැංකු පුද්ගලික අංශයට විකිණීමට සැලසුම්…

Published:

දැනට ලාබ ලබමින් ඇති රාජ්‍ය බැංකු කොටස් කර විකුණා දැමීමට රජය සැලසුම් කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පැවරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ මෙම ‍ක‍්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇතැයි සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පැවසීය. රට ආර්ථික අර්බුදයට ලක්වූ සෑම විටම රටට අවශ්‍ය ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා ආධාර ලබාදීම සිදුකරන්නේ රාජ්‍ය බැංකුවලින් බවද ඔහු සදහන් කලේය.

මේ යටතේ රාජ්‍ය බැංකු වලින් 20% ක කොටස් අයිතිය සේවකයන්ට හා තැන්පතු කරුවන්ට ලබා දෙන බව පවසමින් බැංකු කොටස් කර විකුණා දැමීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,953FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img