අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ගොනුකළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වාසය කළ සුඛෝපබෝගී නිවසේ කුලිය ගෙවීම පර්පචුවල් ටේරෂරිස් සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන ඇලෝසියස්ට පැවරිම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
රුපියල් 14 ලක්ෂ 50,000 ක් මාසික කුළිය ලෙස ගෙවා තිබූ අතර රවී කරුණානායක වෙනුවෙන් මාස 8ක කාලයක් අර්ජුන ඇලෝසියස් මෙලෙස කුලිය ගෙවා ඇති බවයි අල්ලස් කොමිසම මහාධිකරණය වෙත දැනුම් දී තිබුණේ.
කෙසේ වෙතත් අල්ලස් පනත යටතේ, අමාත්‍යවරයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව රවී කරුණානායකගේ නිතීඥයින් තර්කයක් මතුකර තිබූ අතර එය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එම නියෝගයට එරෙහිවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනාවක් ගොනු කර තිබුණේ. කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත්තේ තම අධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කළ හැක්කේ, මහාධිකරණයෙන් වරදකරු කළහොත් පමණක් බවයි.