27.2 C
Colombo
Saturday, July 19, 2025

රනිල් වික්‍රමසිංහ සමග එක් වීමට බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන්…

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල කණ්ඩායමක් ඉදිරි මහ මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තරඟ වැදීමට සූදානමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. එසේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස දැනට ආණ්ඩුවේ සිටින අයගෙන් හතළිහක පමණ පිරිසක් බව ද හෙතෙම පැවසීය මේ පිළිබඳව එම කණ්ඩායම දැනටමත් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින බවද ඔහු කියා සිටියේය.

තමන් තමන්ට ද ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා විසින් ආරාධනා කර ඇති බවද පැවසූ ඔහු කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන විට පිල් මාරු කිරීම සුදුසු නැති බව ද පැවසීය.

කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අවබෝධයෙන් කටයුතු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහනුවර දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,339FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img