30.6 C
Colombo
Monday, August 25, 2025

රනිල් පිලෙන් සහ සජිත් පිලෙන් වෙන වෙනම නාමයෝජනා මණ්ඩල…

Published:

රනිල් පිලෙන් සහ සජිත් පිලෙන් වෙන වෙනම නාමයෝජනා මණ්ඩල…

එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය මහ මැතිවරණය සඳහා වෙන් වෙන්ව නාමයෝජනා මණ්ඩල පත් කර ඇත.

ඉන් සමගි ජන බලවේගයේ නාමයෝජනා මණ්ඩලය ඊයේ රාත්‍රියේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රැස්වුණි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය නියෝජනය කරන පාර්ශ්ව සහ සමගි ජනබලවේගයෙන් ඉදිරි මහ මැතිවරණයට තරගවැදීම පිළිබඳව පසුගිය සති කිහිපය පුරාම පැවතියේ මතභේදාත්මක තත්වය තවමත් අවසන්ව නැහැ.

එවන් පසුබිමක එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිරිකොතදී රැස්වි රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා මණ්ඩලයක් පත්කරගත් ගනු ලැබුවේය.

සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පිරිසක් ඊයේ පැවැති එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කර තිබුණු අතර සමගි ජනබලවේගයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ද  නාමයෝජනා මණ්ඩලයක් පත්කරගෙන ඇත.

කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, තලතා අතුකෝරල, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවිර, රවින්ද්‍ර සමරවිර, හරින් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, නීතීඥ ගුණරත්න වන්නිනායක සමඟ සන්ධාන මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබන්ඩාර මහතාද එම නාමයෝජනා මණ්ඩලයේ සාමාජිකත්වය දරනු ලබන අතර එම මණ්ඩලය ඊයේ ප්‍රථම වරට රැස්ව තිබේ.

එවන් පසුබිමක එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හිදී පැවැත්වෙන සමුළුවකට සහභාගිවිම සඳහා ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,380FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img