27.2 C
Colombo
Tuesday, August 26, 2025

රථ වාහන හැසිරවීමට ගුවන් සහ නාවික හමුදාවත් එක් කරයි – හමුදාව යොදවන හේතුවත් පැහැදිළි කෙරේ…

Published:

රථ වාහන හැසිරවීමට ගුවන් සහ නාවික හමුදාවත් එක් කරයි – හමුදාව යොදවන හේතුවත් පැහැදිළි කෙරේ…

කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා එක් කර ගැණුනු යුද හමුදාවට අමතරව ගුවන් සහ නාවික හමුදාවද එක් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට රථ වාහන හැසිරවීම සඳහා යුද හමුදා සාමාජිකයින් 150 ටක ආසන්න පිරිසක් යොදවා ඇති බවයි වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

පෑලියගොඩ, වැල්ලවත්ත, පාර්ලිමේන්තුව අවට මාර්ග, නුගේගොඩ අවට මාර්ග ඇතුළු මාර්ග රැසක යුද හමුදා නිලධාරීන් රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහා යොදවා ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ වනවිට නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද ඒ සදහා යොදවා ඇති බවයි  වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

ඉදිරියේදී රථ වාහන හැසිරවීම සඳහා තවත් ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් යෙදවීමටද අවධානය යොමුවී තිබෙනවා.

එමෙන්ම රථ වාහන තදබදය අවම කිරීම සඳහා යුද හමුදා යතුරු පැදි කණ්ඩායම් සහ ජංගම රථද කොළඹ විවිධ ප‍්‍රදේශවල ස්ථාන ගත කර ඇති බවද යුද හමුදාපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. මේ වනවිට කොළඹ අවට උදෑසන සහ පස්වරුවේ පවතින අධික රථ වාහන තදබදය ජනතාවගේ දෛනික කටයුතු සඳහා ආපදාවක් බවට පත්ව ඇති බවයි යුද හමුදාපතිවරයා ප‍්‍රකාශ කළේ.

රථ වාහන තදබදය හේතුවෙන් ජනතාවට මෙන්ම උදෑසන පාසල් යන දරුවන්ද දැඩි පීඩාවට පත් වනවා.

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පවතින දැඩි රථ වාහන තදබදය හේතුවෙන් ජනතාවට වැඩි කාලයක් මහමඟ කාලය ගෙවා දැමීමට සිදුව ඇති අතර රථ වාහනවලින් පිටවන අධික දුමාරය හේතුවෙන් සෞඛ්‍යයට බලපෑම් එල්ල වී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

පාසල් දරුවන්ටද මෙය යෝග්‍ය නොවන බැවින් රථ වාහන තදබදය ආපදාවක් ලෙස සලකා එය අවම කිරීමට යුද, ගුවන් සහ නාවික හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කළ බව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත වැඩිදුරටත් සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img