23.9 C
Colombo
Thursday, January 15, 2026

රත්නපුරෙන් කොරෝනා ආසාදිතයෙක්-සමස්ත ආසාදිතයින් ගණන 310ක්…

Published:

රත්නපුරෙන් කොරෝනා ආසාදිතයෙක්-සමස්ත ආසාදිතයින් ගණන 310ක්…

අද(21) සවස තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අද දිනයට කොරෝනා ආසාදිතයින් හය දෙනකු වාර්තා වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ වාර්තා වු සෙසු රෝගීන් පස් දෙනා කොළඹ 12, බණ්ඩාරනායක මාවත, ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අනෙක් රෝගියා රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වන අතර කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ළඟින් ඇසුරු කළ අයෙක් බවද පැවසෙයි.

මේ අතර අද දිනය තුළ සුවය ලැබු පුද්ගලයින් දෙදෙනෙකු පිටව යෑමත් සමඟ සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 100 ක් බවට පත්විය.

අද දිනය වන විට පුද්ගලයින් 203 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 7 ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,001FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img